NEWS

Delegates Experience: Manoj Dharmawardhane

Manoj Dharmawardhane

.. ගුවන් යානයේ රෝද මහපොළොවෙන් වෙන් වෙන මොහොතේදීද දවස් 4කට මං මගේ බැඳීම් ලංකාවෙන් වෙන් කලා. ඒ බැඳීම් එක් වුණේ සිංගප්පූරුවත් එක්ක.

අපේ ගමනාත්තය වුණේ Pan Pacific. ගමනේ අරමුණ Spikes Asisa 2013 Festival of Creativity වෙනුවෙන් සහභාගී වීම. වන්න කලින් සැලසුම් කරපු. ගිහින් කරන්න තියෙන වැඩ ගොඩකුත් ඔළුවෙ තියාගෙන මං සිංගල්පූරුවෙට ගොඩබැස්ස. ජයග්‍රහණයේ බලාපොරොත්තු යහමින් තිබුණ.

සිංගප්පූරුවේ ගෙවෙන රාත්‍රී කාලය හරිම අපූරු අත්දැකීමක්. සමාජ ශාලෘ, අවහන්හල් පිරුණු වීථී දිගේ ඔහේ ඇවිද යන්න හිතෙනවා. කොළපාට නගරක් වගේම පුදුම සහගත ගෘහ නිර්මොණ ශිල්පීය ගොඩනැගිලි පිරුණු නගරය පුරාම අතොරක් නැතිව මමයි මගේ යාළුවො දෙන්නයි ඇවිද්ද.

නේකවිධ මිනිස්සු සෑහෙන්න හම්බවුණා. හැඟීම් බෙදාගත්තා. හමුවුණා. වෙන් වුණා. නමුත් මේ ලොකේ එකම තනි යායක් කියන එක නම් හොඳටම පසක් වුණා.

Spikes ගමන මට දුන්නෙ විනෝදය විතරක්ම නෙමෙයි. ගණනින් මිල කරන්න බැරි දැනුමක්. දවස් 3ක් පුරා අපි ගත්ත දැනුම YouTube, Blogs වෙන වෙන sites බලල ගනන් දැනුමට වඩා හාත්පසින්ම වෙනස්. ඒ වගේම සජීවීයි. එසැණයි. වෙනස් අත්දැනීම් එකක් අලුත් දැනුමක්.

හඳුනගත්ත මිතුරන් සෑහෙන්නයි. මේ ලියන මොහොත වෙනකොට ඒ බැඳීම් ශක්තිමත්වෙලා…